Colombo Today Local News

නව ව්‍යවස්ථාව ෆෙඩරල් තමයි! ෆෙඩරල් ව්‍යවස්ථාවේ ඇලවූ ඒකීය ලේබලයත් සම්බන්ධන් ගලවා විසි කරයි…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අවධාරණය කර ඇත.

තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පෙරේදා (26දා) කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් මහතා පෙන්වා දී ඇත.

ඔහු අවධාරණය කර ඇත්තේ බලතල බෙදාහැරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුව තිබෙන බවත් මධ්‍යම ආණ්ඩුවට යළි පවරා ගත නොහැකි ලෙස පළාත් සභාවලට බලතල බෙදී ගොස් ඇති බවත්ය.

පාලනය කේන්ද්‍රගතව තිබීම හේතුවෙන් එය “ඔට්‍රියාච්චි” ලෙස හැඳින්විය හැකි අතර බලතල බෙදී තිබීම “කුට්ටයාච්චි” හෙවත් ෆෙඩරල් ලෙස හැඳින්විය හැකි බවද එය මනාව තේරුම් ගත යුතුව තිබෙන බවද ඔහු සඳහන් කර ඇත.

සංකල්ප හා වචන වෙනුවෙන් හිතුවක්කාරී නොවිය යුතු අතර උතුරු නැඟෙනහිර පළාත් ජනතාවගේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුව තිබෙන බවද මන්ත්‍රිවරයා මධ්‍යම කාරක සභාවට පැහැදිලි කරදී තිබේ.

තත්ත්වය එසේ තිබියදී එක් එක් අය තමන්ට හැඟෙන ප්‍රකාශ සිදු නොකළ යුතු බවද එම ප්‍රකාශ දකුණේ ඇතැම් පාර්ශ්ව තම සටන් පාඨ බවට යොදා ගැනීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මව්බිම

Related posts

රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්

colombotoday

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

මවගේ අවමඟුල සඳහා ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව ලාල් කාන්ත කතාකරයි

colombotoday

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

colombotoday

උප්පැන්නෙන් ජනවර්ගය ඉවත් කිරීමට විමල්ගේ විරෝධය

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday