නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමේ සැලැස්මක් ඇතැයි එජාපයේ ඉහළපෙලේ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.
ඒ සදහා ඇති ව්‍යවස්ථා හා නීතිමය ප්‍රතිපාදන පිළිබදව එජාප ජේෂ්ඨ නීතීඥවරුන් පිරිසක් මේ වන විට සොයා බලමින් සිටින බවයි එම ආරංචි මාර්ග සදහන් කළේ.
මේ මොහොත වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිවරය ලෙස පත් නොකිරීමේ දැඩි ස්ථාවරයක පසුවන බවයි පැවසෙන්නේ.