Colombo Today Local News

දෝස්තර ෂාෆි නිදොස්කොට නිදහස්වී, අහිංසක මව්වරුන් හිරේ යන ලකුණු… ෂාෆිව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙත් වැඩ තහනම් ?

සිසේරියන් සැත්කම් සිදු කළ අවස්ථාවන්හිදී කාන්තාවන් වඳභාවයට පත්කිරීමට කටයුතු කළ බව කියන කුරුණෑගල මහා රෝහලේ වෛද්‍යවරයා (වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි) සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට යන බවක් දක්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සඳහා ගිය අවස්ථාවේදීය.

“එම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කොට වෛද්‍යවරයා නිදහස් කිරීමට දේශපාලනඥයන් උත්සාහ කරන බවටයි මේ වන විට අපට තොරතුරු ලැබී තිබෙන්නේ.  එම පුවත වාර්තා කළ මාධ්‍යවේදීන්ට පවා අද චෝදනා නැගෙනවා. රට පත්වෙලා තිබෙන තත්ත්වයෙන් ගොඩ නැගීම සඳහා මහා සංඝරත්නයේ උදව් උපකාර අද අවශ්‍යයි.  අප කාදිනල්තුමා හමු වූ අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළේ අස්ගිරි සහ මල්වතු මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ඉදිරියේ දී කළ යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරන බවයි.“ යැයි ඔහු මහ නායක හිමිවරු හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

Related posts

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

colombotoday

උසස් පෙළ ගිණුම්කරණයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

colombotoday

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

colombotoday

මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් නැහැ – ඇමති ප්‍රමිත බණ්ඩාර කියයි

Admin

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

colombotoday

අක්‍රීය කළ බැදුම්කර මගඩි සමාගමේ ගිණුම් යළි සක්‍රීය කරයි

colombotoday