Colombo Today Local News

දේශීය කර්මාන්තකරුවන්ට කුඩම්මාගේ සැලකිළි.. රිෂාඩ්ගේ අමාත්‍යාංශය ගලවන්නැයි ඉල්ලයි…

කාලයක් තිසේසේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් නොලැබෙන බවත්, කර්මාන්ත වෙනුවෙන් වෙනම අමාත්‍යාංයක් ඇතිකර, වාණිජ අමාත්‍යාංශයෙන් කර්මාන්ත විෂය ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල ෆෙඩරේෂණය රජයෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති සරත් කහපොළආරච්චි මහතා සදහන් කළේ බැංකු පහසුකම් ලබාගැනීම ආදී අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීමේදී පවා විශාල දුෂ්කරතාවලට මුහුණදීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදුව ඇති බවය. එවැනි පහසුකම් ලබාදීම සඳහා දැනට පවතින කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ නිසි මැදිහත්වීමක් නොමැති බවයි.

චීනය හා ඉන්දියාව වැනි මහා පරිමාණ කර්මාන්තකරැවන් සිටින රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීමට රජය සැලසුම් සකස් කරමින් සිටින මොහොතක දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට නිසි පියවර නොගතහොත් රටේ ආර්ථිකයට ඉන් පිරිමැසිය නොහැකි අඩුපාඩුවක් සිදුවිය හැකි බවද කහපොළආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්

colombotoday

පුත්තලමේ නිවසකට කඩා වැදුණු පිරිසක් පහර දි නිවැසියෙකු මරා දමලා.

colombotoday

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

ශ්‍රී ලංකන් බර තවත් දරන්න බෑ.. තුන් මසක් ඇතුළත වෙන රටකට දී බරෙන් නිදහස් වෙනවා

colombotoday

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday