Colombo Today Local News

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ පළමු අදියරේ සම්මුඛ පරික්ෂණ අවසන්වෙයි

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ පළමු අදියරේ සම්මුඛ පරික්ෂණ අවසන් වී තිබේ.

මෙම වසරට අදාළව දේශපාලන පක්ෂ 150කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි විම සඳහා ඉල්ලුම්පත් යොමු කර ඇත.

ඉන් 40ක් පමණ මූලික සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් පළමු අවස්ථාවේදී ම ඉවත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කෙසේවෙතත් සෙසු අයදුම්පත්‍රවලට අදාළව පළමු අදියරේ සම්මුඛ පරික්ෂණ පෙරේදා (29) දිනයෙන් අවසන් වී තිබේ.

ඒ අනුව දෙවන වටයේ සම්මුඛ පරික්ෂණ ඉදිරි දිනවලදී පැවැත්වෙන අතර ඉන් පසුව මැතිවරණ කොමිෂන් සභාව රැස්වී දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරනු ඇත.

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් සලකා බැලෙන අතර පසුගිය වසර 04ක කාලය තුළ පක්ෂයක් ලෙස දේශපාලන කටයුතුවල නිරතව තිබීම මෙහි ප්‍රධාන කරුණ ලෙස සැලකෙයි.

මීට අමතරව වසර 04ක විගණන වාර්තා ඉදිරිපත් කිරීම, වාර්තා ඉදිරිපත් කිරීම සහ ජාතික තලයේ ගැටලුවලට මැදිහත්විම වැනි කරුණු සලකා බලන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මේ වන විට දේශපාලන පක්ෂ 70ක් මැතිවරණ කොමිෂන් සභාව තුළ ලියාපදිංචි කර තිබේ.

Related posts

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කරයි

Admin

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි

colombotoday

රත්මලාන මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

colombotoday

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

colombotoday