Colombo Today Local News

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබන දෙසැම්බර් 31 වැනිදාය පෙර භාරදී අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පළාත් ආණ්ඩුකාරවරුන්ට අද (22) උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ පළාත් සභාවල මේ වසරේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාවට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ඇමැතිවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පළාත් සභාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය,පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් මෙහදී සාකච්ඡා කෙරිණි.

ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සාර්ථක කර ගැනීමට තම පූර්ණ දායකත්වය යොදවන්නැයි ජනාධිපතිවරයා පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ට උපදෙස් දී ඇත.

වතුකරේ ජනතාවගේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

Breaking News: අද රෑ 10 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාව ලොක් ඩවුන්

colombotoday

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

colombotoday

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පිපිරී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday