Colombo Today Local News

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්දගේ රියදුරු ඊයේ (09)දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ පොලීසිය විසිනි.

මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නොහොත් “කොණ්ඩ රිස්වාන්” නමින් හඳුන්වන මොහු පදිංචිව සිටි මාකොළ කනත්ත පාරේ පිහිටි කුලී නිවස පසුව පොලීසිය පරීක්ෂා කර තිබේ.

පොලීසිය පැවසුවේ එහි තිබී හෙරෝයින් ග්‍රෑම් 05ක්, ජංගම දුරකථන 05ක් බැංකු පොත් තුනක් හා බැංකු කාඩ්පත් 03 ක් සොයාගත් බවය.

මොහු 2015 වසරේ ජූලි මස 31 වනදා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දේශපාලන රැස්වීමකට සහභාගි වූ “ආමි සම්පත්” ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයට ආධාර අනුබලදීම යටතේ මොහුට චෝදනා එල්ල වී තිබේ.

Related posts

වල්සපුගල ගොවීන් ඇරඹු මාරාන්තික උපවාසය අඛණ්ඩව.

colombotoday

හෙට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට එන්න සිවාජිලිංගම් බෑ කියයි

colombotoday

බාලගේවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

Admin

සිල් රෙදි නඩුව නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායකත් නිදහස් කරන්න පුළුවන්. තලතා – අලි සබ්‍රි ගැටෙයි.

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin