Colombo Today Local News

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

ලක්ෂපාන, වලමලේවත්ත ප්‍රදේශයේ දී තුවාල ලබා සිටියදී සොයාගැනුණු දුර්ලභ ගණයේ “කළු කොටියා” මිය ගොස් තිබේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ උඩවලව ඇත්අතුරුසෙවණේ රඳවා සිටි එම සත්ත්වයා අද (29) උදෑසන මියගිය බවයි.

දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබූ උගුලකට හසු වීමෙන් තුවාල ලබා සිටි මෙම දුර්ලභ ගණයේ කළු කොටියා පශු වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කරමුදාගෙන ප්‍රතිකාර සදහා ඇත්අතුරු සෙවණ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

එහි ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතරතුර එම සත්ත්වයා මියගොස් ඇති බව වාර්තා වේ.

Related posts

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යක්

colombotoday

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

colombotoday

ජනපති එයි…

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

නත්තල් සීයා එයි හාල් හුණ්ඩුවයි පොල් බෑයයි දී යයි

Admin