Colombo Today Local News

දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් විසිදාහක් මියයයි

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ.

මේ වන විට ලොව පුරා මිලියන 3 කට අධික පිරිසක් මධ්‍යසාර භාවිතය නිසා ඇති වන රෝගාබාධ හේතුවෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

තවත් පිරිසක් විවිධ ආබාධවලට ලක්වන අතර ඇතැම් පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම තවත් පුද්ගලයෙකුගේ ආරක්ෂාව යටතේ රැදී සිටීමට සිදුවෙයි.

ලොව පුරා බොහෝ රටවල ගැහැණු සහ පිරිමි භේදයකින් තොරව මත්පැන් භාවිතයට හුරු වී සිටින අතර මෝල්දෝවා රාජ්‍යය සැලකෙන්නේ වාර්ෂිකව වැඩිම මත්පැන් ප්‍රමාණයක් භාවිත කරන ජනතාවක් වෙසෙන රට වශයෙනි.

එහි දෙවැනි ස්ථානයේ බෙලරූස් රාජ්‍යය පසුවන අතර තෙවැනි තැන හිමිව ඇත්තේ ලිතුවේනියාවටය.

මෙරටද දුම්කොළ භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22000ක් පමණ ජීවිතක්ෂයට පත්වන අතර ඉන් 20 000ක් සෘජු දුම් පානය කරන්නන් ය.

මෙරට මත්පැන් පානය හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 16 000ක් පමණ ජීවිතක්ෂයට පත්වෙයි.

මත්පැන් පානය කරන්නන් හේතුවෙන් මෙරටට ආර්ථිකමය වශයෙන් ද විශාල පාඩුවක් වාර්ෂිකව සිදුවන අතර ඉකුත් වසරවල දී එය සාමාන්‍යයෙන් රුපියල් බිලියන143ක අගයක පැවතුනි.

ජාතික සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ වාර්ෂිකව මෙරට නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ වැටලීම් 50 000ක් පමණ සිදුකරන බවය.

ඉකුත් වසරේ පමණක් නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැටලීම් 48 000ක් පමණ සිදුකර ඇති අතර මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැටලීම් 36 000ක් පමණ සිදුකර තිබේ.

මෙරට තුළ මත්පැන් භාවිතය අවම කිරීම සඳහා ජාතික සුරාබදු දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය හා තවත් අංශ එක්ව පියවර කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටි.

ඒ අතරින් ප්‍රධාන වශයෙන් මෙරට වෙළෙඳපොළට නීතිවිරෝධී මත්පැන් පැමිණීම වැළැක්වීම සඳහා අඛණ්ඩව වැටලීම් සිදු කෙරේ.

එමෙන්ම පොලිස් මහජන සම්බන්ධතා අංශය සමඟ එක්ව මත්පැන් ඉල්ලුම අඩුකිරීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.

Related posts

අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

මුතුරාජවෙලේ කැලෑවක කසිප්පු පෙරලා.. ලක්ෂ දෙකක උපකරණ සමග කසිප්පු මිලි ලීටර 4000 ක් නිළධාරීන් භාරයට

colombotoday

ඥාණසාර හිමිට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” නාටකය අද රංගනයේ !

colombotoday

ජනපති බෑනා කිලී මහරාජා එක්ක එකතුව ලංකාවට ගේන යුධ නැව ඡන්දේ නිසා පරක්කු කරයි

colombotoday

සජිත් ප්‍රේමදාස ඉස්ලාම් ත්‍රස්තවාදීන් සමග ගනුදෙනුවක | ඥානසාර හිමි සියල්ල හෙළිකරයි.

colombotoday

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday