Colombo Today Local News

දිස්ත‍්‍රික්ක 21ක කොරෝනා. ග‍්‍රාමීය මට්ටමින් වෛරසය පැතිරීමේ අවදානමක්

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇතිවූ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් රටපුරා දිස්ත‍්‍රික්ක 21කින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනට රට තුළ ඇතිවී තිබෙන වෛරස ව්‍යාප්ති තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමක තවදුරටත් පවතින බවත් මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර මෙරට වාර්තා වන 33 වැනි පොකුර බවත් පැවසූ ඔහු එහි ආසාදිතයන් කිසිවකු තවමත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නැති බවද කියා සිටියේය.

ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් ග්‍රාමීය වශයෙන් වෛරසය පැතිරී යාමට අවදානමක් ඇති බවද පැවසූ ඔහු ඒ නිසා වෛරස පාලනයට ජනතාවගේ සහාය අඛණ්ඩව අවශ්‍ය යැයිද කියා සිටියේය.

Related posts

පොලිස්පතිතුමනි, නීතිය මට විතරද.. අන්තවාදී ප්‍රකාශ කරන හිස්බුල්ලාට නැද්ද ?

colombotoday

කුඩු සලිඳු අතුරුදහන්

Admin

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු… 18වන සෙනසුරාදා පාසල්

Admin

බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ ඇළකට පෙරළී 30කට තුවාල

colombotoday