දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500 ට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය ලක්කර තිබේ.
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ ඥාණාවාස මහ විදුහලේ සිසු සිසුවියන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් අද දිනය තුළ කොරෝනා පරීක්ෂණවලට ලක් කරන බවද ඔවුන් සඳහන් කරති.