Colombo Today Local News

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරු 7.00ට සහ 8.00ට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයින් ඉදිරිපත් කළ හැකිය.

මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව එක් එක් අදියර යටතේ නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මීට අමතරව ඡන්ද පෙට්ටි රැගෙනයාම, මුද්‍රා තැබීම, ඡන්දය පැවැත්වෙන දිනයේ රාත්‍රී කාලයේ නිරීක්ෂණය කිරීම ආදිය සඳහා ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර ඇති වූ එකඟතාවය මත නියෝජිතයින් පත් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

Related posts

නීති විරෝධි වැඩකට ගෙනා “කුරාණය” පොත් තොගයක් අත්අඩංගුවට

colombotoday

කොළඹ ක්‍රීඩා පිටි මින් මතු දේශපාලන රැළිවලට නෑ.. නගර සභාවෙන් තීරණයක් !

colombotoday

ඇමැතිකමෙන් රන්ජන් දොට්ට! – පෙර පරිදිම හැසිරුණොත් පක්‍ෂ සාමාජිකත්වයෙනුත් ඉවතට

colombotoday

රවී කුණු අදී !

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

Lifebuoy සබන් වර්ගයක් නොවෙයි. | හමේ රෝග, දෘශ්‍යාබාධ ඇති කරන ද්‍රව්‍ය අඩංගුයි | මාධ්‍ය නොකියන තිත්ත ඇත්ත මෙන්න.

colombotoday