Colombo Today Sports News

දියාරු පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකාවට යලිත් අන්ත පරාජයක්

සත්කාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමඟ පෝර්ට් එලිසබෙත් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි තරගයේදීත් යළිත් වරක් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ දැක්වූ දියාරු පිති හරඹය හේතුවෙන් ඊයේ (13 වැනිදා) ශී‍්‍ර ලංකා ඉනිම පන්දුවාර 39.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 189කට සීමා විය.

කාසියේ වාසිය දිනූ දකුණු අපි‍්‍රකානු නායකයා පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කිරීමට ශී‍්‍ර ලංකාවට භාර කළේය. ඒ අනුව ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු පෙළ පිතිකරුවෝ යළිත් අසාර්ථක වෙද්දී දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට හොඳ හැටි පහර දුන් ඉසුරු උදාන ශී‍්‍ර ලංකා ඉනිම ගෞරවනීය ලකුණු ප‍්‍රමාණයක් දක්වා රැුගෙන ඒමට සමත් විය. එහිදි ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 78 ක් ලබා ගැනීමට සමත් විය.

දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ හමුවේ ගරා වැටුණු ශී‍්‍ර ලංකා ඉනිමේ අවිශ්ක ප‍්‍රනාන්දු (29), කුසල් මෙන්ඩිස් (21), ධනංජයද සිල්වා (22) හැරුණු කොට කිසිදු ශී‍්‍ර ලංකා පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට නොහැකි විය.

ඊයේ වෙනස්කම් රැුසක් සමග කණ්ඩායම් දෙකෙහිම සංචිතය නම්කොට තිබූ අතර එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පසුගිය තරග කිහිපයේදී ලකුණු අතර නොසිටී නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ආරම්භක පිතිකරණ ස්ථානය උපුල් තරංගට ලබා දී තිබිණි. එහෙත් පළමු තරගයේදී මෙන් සිව්වැනි තරගයේදීත් පන්දු 6කට මුහුණ දුන් තරංගට ලබා ගත හැකි වූයේ ලකුණු 4 පමණි.

පසුගිය තරගයේ දී ආබාධයකට කුසල් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කැඳවා තිබූ අතර කණ්ඩායමේ ප‍්‍රධාන දඟපන්දු යවන්නා වන අකිල ධනංජය කණ්ඩායමෙන් ඉවත් කරමින් 23 හැවිරිදී ප‍්‍රියමාල් පෙරේරාට ජාත්‍යන්තර වරම් හිමිකර දී තිබිණි. එහෙත් ඊයේ ප‍්‍රියමාල්ට එරෙහිව යැවූ පළමු පන්දුවෙන්ම ඔහු පිටියෙන් ඉවත් කොට නැවත කී‍්‍රඩාගාරයට යැවීමට අන්රික් නෝජේ සමත් විය.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ප‍්‍රධානම දඟපන්දු තුරුම්පුව ඉවත් කරමින් පරිණත වේගපන්දු යවන්නෙකු වන ඬේල් ස්ටේන් කණ්ඩායමට එක්කොට තිබිණි. මීට අමතරව ඞ්වේන් ප‍්‍රිටෝරියස් වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක ජේ.පී. ඩුමිනි කණ්ඩායමට කැඳවා තිබිණි. තවද පසුගිය තරගයට කී‍්‍රඩා නොකළ අන්රික් නොට්ජේව කණ්ඩායමට ඇතුළත් කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් වශයෙන් පෙරමුණ ගනිමින් තරගාවලි ජය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් වී සිටී.

Related posts

T20 ලෝක කුසලානයේ අවසන් තරගය අදයි

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයි

colombotoday

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේ

colombotoday

තරග පාවා දෙන්න ක්‍රීඩකයන් සම්බන්ද නෑ කියලයි මහින්දානන්ද කිවුවේ. මම මොනවා කියන්නද? මුරලිදරන් කියයි

colombotoday

ඉන්දීය කණ්ඩායම් නායකත්වය සූර්ය කුමාර්ට

Admin