Colombo Today Local News

දියහොද ඇල පිටාර ගැලීමෙන් මරදගොල්ල ග්‍රාම සේවා වසමේ පවුල් 30ක් අවතැන්

මාඔයට ජලය ගලා බසින දියහොද ඇල පිටාර ගැලීමෙන් මරදගොල්ල ග්‍රාම සේවා වසමේ ජීවත් වන පවුල් 30 කට අයත් පුද්ගලයින් 120 දෙනෙකු පමණ අවතැන් වී ඇත. පොලිසිය පැවසුවේය ඔවුන් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

රුවන්වැල්ල, ගුරුගොඩ ඔය සහ ඊට සම්බන්ධ සියළු ඇල මාර්ගවල ජලය පිටාර ගැලීමෙන් ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති හේතුවෙන් කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොටියාකුඹුර ඉන්ධන පිරවුම්හල, මත්තමගොඩ සහ තලොවිට ප්‍රදේශ අසල මාර්ගය ජලයෙන් යට වීඇති බව පොලිසිය පැවසුවේය.

මේ අතර මා ඔයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් ගිරිඋල්ල,මරදගොල්ල ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

තවදුරටත් වර්ෂාපතනය පැවතියහොත් ගිරිඋල්ල – කුරුණෑගල මාර්ගය ගිරිඋල්ල පොලිසිය ආසන්නයෙන් යටවිය හැකි බවත් මා ඔය අවට පහත් බිම්වල ජනතාව අවධානයෙන්පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Related posts

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

colombotoday

ජනපති අනුර වියට්නාමයට!

Admin

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනි කම්හල් ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday