Colombo Today Local News

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය ගැන ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ඒ අනුව මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නවාද එසේ නැතිනම් ඇයට එරෙහිව කෙළින්ම නඩු පවරනවාද යන්න ගැන මේ වන තෙක් තීරණයක් ගෙන නැතැයි ද එම නිලධාරියා කීවේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියේ මෙසේ දැක්වේ.

‘‘විරුද්ධත්වය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම‘‘

‘‘කතා කරනු ලැබූ හෝ කියැවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපනවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත් කරතොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමේදී වෛරයක්  ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත් කරතොත් නිත්‍යනුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටවනු ලැබූ යමක් වෙනස් කර වීමට රජතුමාගේ වැසියන් උනන්දු කරතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසංතෝෂයක් හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරුවූද, අසමගිවූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහු අවුරුදු දෙක දක්වා කාලයක් ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් ලැබිය යුතුය.‘‘

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සේවයෙන් විශ්‍රාම ගනියි.

colombotoday

සජිත් කබ්බෙක්.. ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කියන්න ගිහින් කෙලොගත්තා- රංගේ බණ්ඩාර

colombotoday

වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා – බොරැල්ල බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

Admin

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin