Colombo Today Local News

තියුණු කැපුම් තළ 300ක් කැකිරාව වැවකින් මතුවෙයි… ඕනෑම අවස්ථාවක භාවිතයට ග්‍රීස් ගල්වා තිබිලා..

කැකිරාව සෙම්බුකුළිය වැවේ සඟවා තිබූ අතිශය තියුණු මුවහත් විදේශ රටක නිෂ්පාදිත කැපුම් තල 300කට ආසන්න ප්‍රමාණයක් (26) පස්වරුවේ ආරක්ෂක අංශ මගින් සොයා ගැණින.

වැවේ ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් දෙදෙනෙකුට වැව තුළ සඟවා තිබූ එම සැකකටයුතු පාර්සලය හමුව තිබිණ. පසුව එම ධීවරයින් කැකිරාව පොලිස් ස්ථානය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට පියවර ගෙන තිබිණ. පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවා එම සැකකටයුතු පාර්සලය ආරක්ෂිතව පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණ.

යළි ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකි අයුරින් ග්‍රීස් ගල්වා කුඩා පෙට්ටිවල ඇසුරුම් කර තිබූ එම තියුණු කැපුම් තල තොගය පාර්සලයක් ලෙස සකසා ජලය කාන්දු නොවන ලෙස ඝණ පොලිතීන් ආවරණයක් යොදා පොහොර බෑගයක බහා වැවෙහි ගිල්වා තිබිණ.

මෙලෙස වැවෙහි ගිල්වා තිබූ පාර්සලයේ අඟල් අට හමාර හා දහය යන ප්‍රමාණයන් දෙකක දිගකින් යුත් තියුණු කැපුම්තල 300කට ආසන්න ප්‍රමාණයක් තිබිණ. ඒවා විදේශ රටක නිෂ්පාදිත ඒවා වේ.

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් යම් අපරාධයක් සදහා යොදාගන්නට මෙම කැපුම්තල තොගය මෙලෙස වැවෙහි සඟවා තබන්නට ඇත්දැයි යන්න පිළිබඳව පොලිසිය සැක පලකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. සොයාගත් එම තියුණු කැපුම්තළ තොගය කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශණ සිදුකෙරේ.

Related posts

ඉන්දීය යුද හමුදා ප්‍රධානි අද ජනපති හමුවෙයි

colombotoday

උද්දමනය පහලට

Admin

තුන් මාසෙන් රට ස්ථාවර කළා

Admin

අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යයි

colombotoday

පක්ෂය කරගෙන ඉන්න කියා, බැසිල්ව අමාත්‍යධූරයෙන් ඉවත්කළා. – ගෝඨාභය කී දේවල් පොහොට්ටුව හෙළිකරයි

colombotoday

විධායකය අහෝසි කිරීමට එකග නෑ.. ව්‍යවස්ථා සංශෝධන පමණයි.. ශ්‍රීලනිපයේ නිල මතය කියයි

colombotoday