Colombo Today Local News

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පසුගිය 18 වනදා එම කටයුතු අවසන් කිරීමට පියවර ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.

මේ අතර අගෝස්තු 5 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජුනි 30, ජුලි 01 වනදා සහ 02 වනදා සිදු කිරීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවලදී සිදු කෙරෙයි.

රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට ජුලි මස 14 සහ 15 යන දෙදින වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජුලි මස 16 සහ 17 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම දිනවලදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සදහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා දී තිබේ.

මේ අතර එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි භාර ගැනීමට සහ පැමිණිලි විමර්ශනය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

Related posts

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යෑමට සූදානම් !

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

colombotoday

ETCA “එන්ටර් ද කල්ලතෝනි” ආවොත් ආවමයි.. යවනව බොරු!

colombotoday

බස් ගාස්තුව 15%කින් ඉහළට… ඉදිරි සතිය ඇතුළත වැඩි නොකළොත් වර්ජනයක් අනිවාර්යයි

colombotoday