Colombo Today Local News

ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව නෞකා දෙකක් ගිල්වා දමයි.

දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල නාවික යාත්‍රා දෙකක් පසුගිය දා ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් ගිල්වනු ලැබීය.

නාවික සේවයට සමුදුන් මෙම නෞකාවන් ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් නාවික හමුදාව තුළ ඉමහත් වැඩ කොටසක් ඉටුකිරීමට සමත් වූ නෞකා ද්විත්වයෙකි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත්ව තිබූ ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික සේවයෙන් ඉවත් කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී සිදුකෙරුණි.

ඒ අනුව ‘වීරයා’ ලෙස හැඳින් වු පී 311නමැති නෞකාව ත්‍රිකුණාමලය ‘රොකී පොයින්ට්’ (Rocky Point) සහ ‘සැන්ඩි බේ’ (Sandy Bay)වෙරළ තීරය අතර වූ මුහුදු ප්‍රදේශයේත්, ඊට යාබදව ‘ජගතා’ ලෙස හැඳින් වු පී 315, නමැති නෞකාවත් ගිල්වා දැමීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරුණි.
මෙලෙස නෞකාවන් ගැඹුරු මුහුදේ ගිල්වීමේ ප්‍රධානතම අරමුණ වන්නේ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවි නිර්මාණය කිරීමයි.

නාවික හමුදාව විසින් පසුගිය ජුලි මස ‘සැන්ඩි බේ’ මුහුදු තීරයේ විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දෙවන දිය යට කෞතුකාගාරයේ සිට මීටර් 25ක් පමණ ඊසාන දෙසට වන්නට මෙම නෞකා දිය යට දී ස්ථානගත කරන ලදී.

මේ වන විටත් දිය යට කෞතුකාගාරය ආශ්‍රිතව නිර්මාණය වී ඇති මත්ස්‍ය අභිජනන පරිසරය මෙම නෞකා ආශ්‍රිත මත්ස්‍ය අභිජනන අඩවියක් පහසුවෙන් නිර්මාණය කිරීමට මහත් රුකුලක් වනු ඇත.

ත්‍රිකුණාමලේ ‘සැන්ඩි බේ’ මුහුදු ප්‍රදේශය අශ්‍රිතව නිර්මාණය වන මෙම නව සාගර පරිසර පද්ධතිය තුළින් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සඳහා ඉදිරියේදී වැඩි ආර්ථික ප්‍රතිලාභ හිමිකර ගැනීමට මෙන්ම නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට හැකිවීමෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවටත් මහඟු අවස්තාවක් උදාවනු ඇතැයි නාවික හමුදාව අපේක්‍ෂා කරයි.

මේ අතර පසුගිය යුධ සමයේදී නැගෙනහිර මුහුදේ කාර්මික දෝෂයක් හේතුවෙන් අත්හැරදමා ගොස් තිබූ වේ ලින්ග් (We Ling) නමැති නෞකාව A522 ලෙසින් භාවිතා කිරීමෙන් අනතුරුව, 2018 වසරේදී මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී මේ අයුරින්ම කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා ගිල්වා දැමීමට කටයුතු කෙරුණි.
(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

පාසල් සිසුන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය ඡුායාරූප දමන මුස්ලිම් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට…

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට පියවර

Admin

පාර්ලිමේන්තුව අසළට ආ යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට පාට් දැමූ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක්

colombotoday

කුළු හරක් 12 දෙනෙකු බේරාගත් නියෝජ්‍ය ඇමතිගේ මෙහෙයුම – වීඩියෝ සහිතයි

colombotoday

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday