Colombo Today Local News

ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළැයි කී ජාතික තව්හිද් ජමාත් අලුත් ලොක්කා කරළියට… කාත්තන්කුඩියේ මාධ්‍ය හමුවක් තියයි…

පසුගිය 21 වනදා පාස්කු දිනයේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළේ ‘ජාතික තව්හිද් ජමාත්‘ නම් සංවිධානයක් බවට බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබුණු අතර, එම සංවිධානයේ නායකයා යැයි පවසන තවුෆික් නම් මව්ලවිවරයා ඊයේ (25) කාත්තන්කුඩියේ එම සංවිධානයට අයත් මුස්ලිම් පල්ලියේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදි ඔහු කියා සිටියේ ප්‍රහාරය එල්ල කළ කාසිම් සහරාන් නමැත්තා තම සංවිධානයේ පුද්ගලයෙකු නොවන බවයි. ජාතික තව්හිද් ජමාත් සංවිධානය ආරම්භ කළේ සහරාන් බවත්, පසුව ඔහුව සංවිධානයෙන් ඉවත් කළ බවත් කියා සිටි තව්ෆික් මවුලවි එයින් පසු තමන් සංවිධානයේ නායකයා බවට පත්වූ බවත් කියා සිටියේ ය.

ප්‍රහාරය එල්ල කළ පිරිස මුස්ලිම් ප්‍රජාවට අයත් නොවූවන් බවත් ඔහු එහිදී කියා සිටියේ ය.

ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ අනාවරණය කළ ‘ජාතික තව්හිද් ජමාත්‘ සංවිධානය වහා තහනම් කළ යුතු බවට සමාජ විරෝධයක් ගොඩනැගෙමින් තිබියදී මොහු කරළියට පැමිණීම විශේෂත්වයකි. ‘තව්හිද් ජමාත්‘ නමින් ක්‍රියාත්මක සංවිධාන ගණනාවක ප්‍රධානීන් ලෙස පෙනී සිටින පුද්ගලයන්, ප්‍රහාරය එල්ල කළ සහරාන් තමන් සමග කටයුතු කළ නමුත් පසුව ඉවත් වූ බවත් කියමින් මාධ්‍ය ඉදිරියේ තමන් අහිංසකයන් යැයි පෙන්වීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටිති.

පසුගිය සමයේ ප්‍රසිද්ධියේ බුද්ධාගමට අපහාස කරමින්, ආගමික ගැටුම් ඇවිළවීමට සහ මුස්ලිම් සමාජය තුළ අන්තවාදී මතවාද ප්‍රචලිත කරමින් මුස්ලිම් තරුණයන් ප්‍රචන්ඩත්වයට පෙළඹවීමට කටයුතු කළ අන්තවාදී ඉස්ලාමීය සංවිධාධානවල ක්‍රියාකාරීන් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය සංදර්ශන පවත්වමින් රටම නොමග යැවීම සදහා ඔවුන්ගේ ‘අල්-ටකියාව‘ ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික සංවිධාන ද චෝදනා කරති.

Related posts

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී…

Admin

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

colombotoday

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

මහ බැංකුව රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි

colombotoday

මහනුවර ගැටුමෙන් මියගිය දෙදෙනාගේ නිවෙස් වෙත රවී යයි.. මන්ත්‍රී වැටුපෙන් මුදල් පරිත්‍යාග කරයි

colombotoday