Colombo Today Local News

තහනම නොතකා නිකාබය ඇදන් ආ ගුරුවරියන් 10ක් විදුහල්පති ආපසු හරවා යවයි…

නිකාබය හැඳ සේවයට පැමිණි පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරියන් දස දෙනකු ආපසු හරවා යැවීමට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ඊයේ (07දා) උදෑසන අදාළ ගුරුවරියන් දස දෙනා පාසල වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන්ට පාසලට පැමිණීමට නොහැකි වන අයුරින් ගේට්ටුව වසා දමා ඇති අතර ඉන් අනතුරුව ගුරුවරියන් දස දෙනා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමු වී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

ආණ්ඩුකාරවරයා විසින් කලාප අධ්‍යක්ෂවරුන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර සාකච්ඡා අවසානයේදී එම ගුරුවරියන් දස දෙනා බස්නාහිර පළාතේ ගුරුවරුන් හිඟ වෙනත් පාසල් වෙත මාරු කිරීමට තීරණය කර ඇත.

Related posts

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක තොගයක් සමග කන්ටේනරයක් අත්අඩංගුවට….

colombotoday

ජනාධිපති රුපියල බේරාගත් විදිය කියයි

Admin

පාස්කු ප්‍රහාරය : රාජකාරිය පැහැරහැරී කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

Admin

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin

අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා

Admin