Colombo Today Local News

තවුහිඩ් ප්‍රධානියා අබ්දුල් රාසික්. වහාම අත්අඩංගුවට ගන්න – ඥානසාර හිමි

වහබ් මතධාරී අන්තවාදීන් සම්බන්ධයෙන් තමා කල් තියා බලධාරින්ට කළ දැනුම්දීම්වලට අදාළ ලිය කියැවිලි ඉදිරි සතියේදී විධිමත් ලෙස රටට ඉදිරිපත් කරන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ (24) පැවසූහ.

සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැත්තා තොරතුරු සපයන මුවාවෙන් ආරක්ෂක අංශ නොමග යවමින් සිටින්නේ යැයි චෝදනා කළ උන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔහු අත්අඩංගුවට ගත යුතු බව ද පැවසූහ.

වහබ්වාදීන් ගැන තමන් 2013 දී රටට කියන්නට පෙර අලෙවි මවුලානා හිටපු ඇමැතිවරයා විසින් 2007 දී මේ ගැන හෙළිදරව් කරනු ලැබ තිබුණු නමුත් බලධාරින් ඊට අවධානය යොමු නොකළේ යැයි ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

රාජගිරිය, සද්ධර්මාරාජිකාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය හමුවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

මට සිරගත ජීවිතය විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් කළා වගේ. කාගේවත් විවේචන මට අදාළ වෙන්නේ නෑ. මගේ නායකයා බුදු රජාණන් වහන්සේයි. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කළේ නත්ථි ලෝකො අනින්දිතො කියලයි. ඒ කියන්නේ මේ ලෝකයේ නින්දා නොලබන්නෙක් නෑ. ජනාධිපතිවරයා පැමිණ මා බැහැදුටුවා. ඒ ගැන කිලුටු නැතිව ලෝභ නැතිව ජනාධිපතිතුමාට ගෞරවය දෙන්න ඕනෑ. 

සලෆ්වාදය වහබ්වාදයට වඩා දරුණුයි. සලෆ් වහබ්වාද නිසා මුස්ලිම් සමාජය දරුණු ලෙස ආක්‍රමණයට ලක්වෙලා තිබෙන බවත් අපිව බේරාගන්නවා නම් ඔබවහන්සේලාට බුදු බව අත්වෙන බවත් අපට කිව්වේ මුස්ලිම් මිනිස්සුයි. ඇයි ඕගොල්ලන්ට කතාකරන්න බැරි කියලා මම ඇහුවා. හාමුදුරුවනේ ඒක ඒ තරමටම දරුණුයි. අපි කතා කළොත් මුන් අපිට ගහනවාය අපේ මිනිස්සු මරලාත් තියෙනවා යැයි ඒ මිනිස්සු එතකොට කිව්වා. මේ ප්‍රශ්නය පටන්ගත්තෙ හලාල්වලින්. 

2013 අගභාගයේ නැගෙනහිර පළාතේ සහරාන් නමැති ඉලන්දාරියෙක් වහබ්වාදයට මුළු නැගෙනහිරම ගොදුරු කරගනිමින් සිටිනවාය සුෆි මුස්ලිම්වරුන්ගේ සොහොන් කඩමින් ආයුධ අත දරාගෙන මරපන් කොටපන් කියාගෙන වීදි සටන් කරනවා යැයි මම කිව්වා. සිබ්ලි ෆාරුක් සහ අබ්දුල් රහුමාන් යහපාලනය සඳහා වූ පෙරමුණ හදාගෙන මේ මිනිහා රටින් පන්නන්න හදනවාය කියලා අපි කිව්වා. මගේ ළඟ ලියැවිලි තියෙනවා. මම මේක කියන්න කලින් අලෙවි මවුලානා ඇමැතිතුමා 2007 දි කිව්වා.

මගේ කටේ වචනනේ සැර වුණේ. බෝම්බෙ හරි සනීපයිනෙ. මේ ප්‍රශ්නෙ කතා කරලා තාමත් නඩු හයක් තියෙනවා. මේ සතිය ඇතුළත අබ්දුල් රාසික්ව අත්අඩංගුවට ගන්න. දැන් එයා තෝරු මෝරු අයින් කරලා හාල්මැස්සෝ පෙන්නුවාම බුද්ධි අංශ ඒ පස්සේ පන්නනවා. අබ්දුල් රාසික්ගෙන් තොරතුරු ගන්නේ. හොර පැටව් ඉන්නෙ කොහෙද කියලා මහ හොරාගෙන් අහනවා. මේවා ගැන මම එක්සත් ජාතින්ගේ සංවිධානයට පවා ලියලා තියෙනවා. මේ දේවල් ගැන මම ලිඛිතව කළ දැනුම්දීම් ඉදිරි සතියේ විධිමත් විදියට රටට ඉදිරිපත් කරනවා.

https://www.facebook.com/liveat7.lk/videos/2734163496658637/

Related posts

අනාථ අපට රජයෙන් සහන නෑ.. අරණායක අවතැන්වූවෝ ඇමති දෙදෙනෙක් වටකරගෙන උද්ඝෝෂණයේ !

colombotoday

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශය රටටත්, යුද හමුදාවටත් අපකීර්තියක්.. ඔහු සමාව ගත යුතුයි !

colombotoday

හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන, කොටි හිතවාදී ජයපාලන්ට මංගලගෙන් ආරාධනා

colombotoday

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

colombotoday

සිංගප්පුරුවේ නීතිරීති මෙරට ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන බව සජිත් කියයි

colombotoday