Colombo Today Local News

තව්හිද් සාමාජිකයන් ගැන පොලිසියට තොරතුරු දුන්නැයි නාවික සෙබළකු ඇතුළු තිදෙනකුට පහර දීලා

තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බව කියන හොරොව්පොතාන ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසකට එරෙහිව පොලිසියට තොරතුරු ලබා දුන් බවට චෝදනා කරමින් කැබිතිගොල්ලෑව ඇල්ලවැව ප‍්‍රදේශයේ නිවසක රාමසාන් උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබු සාදයක් අවසානයේ මුස්ලිම් ජාතික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ඇතුළු පුද්ගලයින් කීප දෙනකු එක්ව පෙරේදා (10 දා) රාත‍්‍රි සිදු කළ පහරදීමකින් මුස්ලිම් ජාතික නාවික හමුදා භටයකු ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇත.

සාදය නිමවී නිවසට යමින් සිටියදී දෙපාර්ශ්වය අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ඇල්ලවැව මුස්ලිම් පල්ලිය අසලදී මෙම පහරදීම සිදු කොට ඇත.

තිස්තුන් හැවිරිදි නාවික හමුදා භටයකු ,විසි හය සහ තිස් එක් හැවිරිදි පුද්ගලයින් තිදෙනකු මෙහිදී තුවාල ලබා ඇත. තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. 

මෙම පහරදීම සිදු කළ බව කියන පාර්ශවයේ අයකු වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි.

කැබිතිගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

මව් බිමේ ස්ථාවරත්වයට කිසිවකුටත් බලපෑම් කරන්න දෙන්නේ නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ

colombotoday

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

colombotoday

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

colombotoday

“එක ගඩොලක් ගැලවුණා.. අනිත් ගඩොලුත් එකින් එක ගැලවෙයි“ – මහින්ද

colombotoday

“මුදල් ඇමති මම උනාට මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු මගේ යටතේ තිබුනේ නෑ.. බැඳුම්කර ප්‍රශ්ණයට හැමෝම මට ඇගිල්ල දිගු කලත් සත්‍ය කවදා හෝ ජය ගනීවි” – රවී

colombotoday

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday