කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින දහවල් 12.24 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය ඩකා නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
මෙම ගුවන් යානය අද දින රාත්රී 7.45 ට , මෙම මගීන් පිරිස ද රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයව ඇත.