Colombo Today Local News

තරුණියක් නිසා ලාංකික සගයාව ව්‍යාජ ත්‍රස්ත කුමන්ත්‍රණයක පැටලවූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජාගේ සොහොයුරා පිළිගනී

තමාගේ ආදර ප්‍රතිවාදියා අපහසුතාවයට පත් කිරීම සඳහා ව්‍යාජ ත්‍රස්ත කුමන්ත්‍රණයක් නිර්මාණය කළ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජාගේ සොහොයුරා අධිකරණයේ දී පිළිගෙන තිබේ.

එහිදී අර්සලාන් ක්වාජා, තමා බියගුල්ලෙක් ලෙස හඳුන්වා ගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්තියේ මාවත විකෘති කිරීම ඇතුළු චෝදනා 4කට තමා වැරදිකරු බව අර්සලාන් ක්වාජා පිළිගෙන ඇති අතර ඉදිරි දිනයක ඔහුගේ දඬුවම අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණය තුළදී ක්වාජා හඬා වැටී ඇති අතර 2017 සහ 2018 වසර වලදී කාන්තාවන් දෙදෙනෙකුගේ අවධානය ලබාගැනීම සඳහා තම මිතුරන් දෙදෙනෙකුට එරෙහිව ව්‍යාජ පැමිණිලි කළ බව ඔහු පිළිගෙන තිබේ.

අර්සලාන් ක්වාජාට වසර 10ක උපරිම සිර දඬුවමක් හිමිවීමට නියමිතය.

2018 වසරේ මැද භාගයේදී, තම විශ්වවිද්‍යාල සගයෙක් වූ ශ්‍රී ලාංකිකයෙක් වන මොහොමඩ් කමර් නිසාම්ඩීන් ගේ සටහන් පොතෙහි සිය අත්අකුරින් විවිධ සටහන් තබා ඇත.

පසුව ඔහු එම සටහන් පොත විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට දී තිබේ.

එම ව්‍යාජ සටහන් වල දක්වා ඇත්තේ අයිඑස්අයිඑස්, ජිහාඩ් සහ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙනි.

“බෝම්බ සහ අවි ආයුධ පුහුණුව ලංකාවේ දී ලබාගන්න,” ඉන් එක් සටහනක දක්වා තිබුණි.

ඔස්ට්‍රේලියානු දේශපාලඥයින් සහ සිඩ්නි ඔපෙරා මන්දිරය වැනි එරටෙහි සුවිශේෂ ස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ද එම සටහන්වල දක්වා තිබේ.

විශ්වවිද්‍යාලයේ සේවය කළ ශකීලා ෂහීඩ් නම් තරුණිය දිනා ගැනීමේ අදහසින් තමා නිසාම්ඩීන් ව පැටලවූ බවය.

“මට නිසාම්ඩීන් ව අමාරුවේ දාන්න වුවමනාවක් තිබ්බේ නෑ. ඔහු හොඳ කෙනෙක්. ඒ වගේම මගේ හොඳ මිතුරෙක්.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසාම්ඩීන් ව ඔස්ට්‍රේලියානු ප්‍රති-ත්‍රස්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සති 4ක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි අතර පසුව ඔහුට ඇප ලැබුණි.

2018 ඔහුට එරෙහි චෝදනා ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කළේය.

Related posts

විහාර පරිපාලනයට ඇගිලි ගහන්න රජයට බලයක් නෑ.. පූර්ණ බලය විහාරාධිපතිවරුන්ටයි

colombotoday

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුව දෙවන දිනටත් යළි කල් යයි

colombotoday

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

colombotoday

එජාපෙ ආණ්ඩුවට යන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ – ජනපති දන්වයි

colombotoday

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin