Colombo Today Local News

තරුණයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට යද්දී සමලිංගිකතාව නිතිගත කරන්න පිඹුරුපත් සැකසේ

ads

මේ වසරේ ගතවූ කාලය තුළ එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයින් 160 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි. වී ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ මේ වසරේ පළමු මාස 09 තුළ මෙම රෝගීන් හඳුනාගෙන ඇති බවයි.

ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 25ත් 45ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බව සඳහන්ය.පෙර වසර වලට සාපේක්ෂව මේ වසරේ වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණයින්ට එච්.අයි.වී ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

විශේෂයෙන් සමලිංගික සබඳතා පැවැත්වීම තුළින් එච්.අයි.වී ආසාදනය වීම මේ වසරේ සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇතැයි සඳහන්ය.

2014 වර්ෂයේදී එච්.අයි.වී ආසාදනය වූ රෝගීන් 228 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ අතර ශ‍්‍රී ලංකාව තුල සමලිංගිකයන් පිලිගැනීම, ඔවුනට නිත්‍යානුකූල අයිතීන් ලබා දීම ආදී සමලිංගික අයිතීන් ලබා ගැනීම සඳහා වූ වැඩමුළුවක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ 30 දිනයේ පැවැත්වී තිබේ.

මෙම වැඩමුළුව USAID සංවිධානය විසින් සූදානම් කර තිබූ අතර ඊට මෙරට සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතකින් පමණ 20 දෙනෙකුගේ පමණ පිරිසක් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකේද සහභාගී වී තිබින.

USAID සංවිධානයේ ඇමරිකානු නියෝජිතයින් කිහිප දෙනෙකුද වැඩමුළුව සඳහා සහභාගී වී ඇති අතර එහිදී වැඩි වශයෙන් අවධාරණය වී ඇත්තේ සමලිංගිකයත්වය ප‍්‍රවර්ධනය කිරීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම ආදි කාරණවාලට මෙරට දණ්ඩ නීති සංග‍්‍රහය අනුව හිමිව ඇති නීති විරෝධී තත්වය ඉවත් කර ගැනීම ගැනයි.

සමලිංගිකයින් වෙනුවෙන් පෙනී සිටින ශ‍්‍රි ලංකික කාන්තාවක් විසින් තදින්ම අවධාරණය කර ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේම කෙසේ හෝ මෙම අනපනත් සංශෝධණය කර ගැනීම හා නව අනපනත් ගෙන ඒම සිදු කල යුතු බවය.

Related posts

එජාපෙ ආණ්ඩුවට යන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ – ජනපති දන්වයි

colombotoday

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

තවදුරටත් වැසි සහිත කාලගුණයක්

colombotoday

ජනපති නියෝගයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවයි…

colombotoday

ඉන්දියාව එන්නත අපනයනය අත්හිටුව ද මෙරටට බලපෑමක් නැහැ.. – චන්න ජයසුමන

colombotoday