තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකීය සරණාගතයින් යළි මෙරටට පැමිණීමට කැමැති නම් ඒ සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දෙන බව පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම, බන්ධනාගාර හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
එම අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.