Colombo Today Local News

තමිල්නාඩුවෙන් ආ පාස්ටර්වරයෙක් බුද්ධාගමට අපහාස කරමින් රටපුරා දේශනවල… කල්මුනේ දේශනයට පොලිසියෙන් අවසර…

ඉන්දියාවේ තමිල්නාඩු හි ජනප්‍රිය ෆාස්ටර්වරයෙක් උතුරේ ප්‍රදේශ කිහිපයක දේශන පැවැත්වීම සදහා මේ දිනවල මෙරටට පැමිණ ඇති බවට වාර්තා වනවා.

මෝහන් පී ලාසරස් නමැති මෙම පුද්ගලයා බුදුන් වහන්සේ යක්ෂයෙකු ලෙස නිර්වචනය කරන්නෙකු වන අතර, යාපනයේ නගරසභා ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ රැස්වීමක් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්හිටුවා තිබෙනවා.

එවැනිම රැස්වීමක් හෙට 19 දා කල්මුණේ දි පැවැත්වීමටද සූදානමින් සිටින අතර, කල්මුණේ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊට අවසර දී තිබෙනවා. කෙසේ වෙතත් එම රැස්වීමට එරෙහිව හින්දු සම්මේලනය විසින් කරන ලද පැමිණිල්ලද කල්මුණේ පොලිසිය විසින් ප්‍රතිත්ෂේප කර ඇති බවද එම සම්මේලනය පවසනවා.

එහි සභාපති නාරා ටී අරුන්කාන්තන් මහතා සදහන් කළේ මෙම පුද්ගලයාගේ දේශනවලින් ආගමික ගැටුමකට මුලපිරිය හැකි බැවින් බලධාරීන් ඒ පිළිබදව වහාම ක්‍රියාකල යුතු බවයි. මොහු මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත්‍රයකින් වන අතර, සංචාරක වීසා වලින් මෙරට රැදී සිටිමින් ආගමික දේශන පැවැත්වීම මෙරට නීිතිය අනුව නීති විරෝධී වන බැවින් වහාම මොහු අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ යුතු බවද අරුන්කාන්තන් මහතා කියා සිටියේය.

Related posts

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin

ප්‍රකෝටිපතියන් ඇන්දූ තිළිණි සමග DIG අජිත් රෝහණගේ පින්තූර සමාජ ජාලා කලබයි

colombotoday

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin

ව්‍යාජ පැමිණිලි පිටපත් දුන් පීසී සහ සිවිල් ආරක්ෂක කතට වැඩවරදී

Admin

අගමැති ඉන්දියාවේ වන්දනාවකට යයි !

colombotoday