Colombo Today Local News

ඩොලර් මිලියන 800ක් රටට ගේන්න සැලසුම්කල ව්‍යාපෘතියක් දේශපාලකයන් වැනසූ හැටි මෙන්න – නිශ්ශංක සේනාධිපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…


ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගම සම්බන්ධව සිදුකළ විශේෂ ජනාධිපති විමර්ශනයේදී තම සමාගම ජාතික ආර්ථිකයට දායකත්වයක් සපයන, රැකියා අවස්ථා සළසන ආයතනයක් බව සාක්ෂි සහිතව තහවුරුව තිබියදී ඩොලර් මිලියන 800 කට අධික ප්‍රමාණයක් රටට ආදායම් ලෙස ගෙන ඒමට සැළසුම්කර තිබූ ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යංශයේ අවස්ථාවාදී තීන්දු තීරණ හමුවේ අහිමිව ගිය බව ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සඳහන් කරයි.

සමුද්‍ර ආරක්ෂක කටයුතු වලට අදාළව තම සමාගම ලෝකයේ ප්‍රමුඛ සමාගම් තුන අතර තිබෙන බවත් ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් දෙවැනි වන්නේ ඇමරිකානු බ්ලැක් වෝටර්ස් සමාගමට පමණක් බව සඳහන් කරන නිශ්ශංක සේනාපති මහතා එවැනි සමාගමක් පිහිටි රටක් ලෙස වත්කම් ඉපයීම වෙනුවට පළිගැනීම රටේ ජනතාවගේ මෙන්ම තමන් සේවය ලබාදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේද අවාසනාව බව පෙන්වා දෙයි.

එහිදී ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගම සම්බන්ධව සිදුකළ විශේෂ ජනාධිපති විමර්ශනයේ වාර්තාවද දක්වමින් ඔහු සඳහන් කර සිටින්නේ තම සමාගමේ නිර්දෝෂීභාවය තහවුරු කර තිබියදී දේශපාලන මහන්තත්තකම සහ තමන්ගෙන් දේශපාලනිකව පළිගැනීමට මෙම ක්‍රියාව සිදුකළත් එහි අවසාන අවාසිය රටට වන බවය.

එසේම තමන් මීට මාස කිහිපයකට පෙර ඉදිරිපත් කල මෙම වසරකට ඩොලර් මිලියන 800ක් පමණ උපයාගන්නට තිබූ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න රජයට (ආරක්ෂක අමාත්‍යාංශයට ) සිදුකළ යුතුව තිබුණේ අදාළ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගතවීමට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යංශයේ විරුද්ධත්වයක් නොමැති බව දක්වමින් ලිපියක්දීම පමණක් බවත් ඒ හැර කිසිඳු මුදලක් මේ වෙනුවෙන් රජයට ගෙවීමට සිදුනොවන බවද ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටින්නේ voice tube වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

Related posts

අද මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි

colombotoday

මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට

colombotoday

ද. මුහුදේ බහුදින ධිවර යාත්‍රාවකින් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම රු. මිලියන 3500 ක්

Admin

හරීන් ඇමතිකමෙනුත් පක්ෂ තනතුරිනුත් ඉවත් වෙයි

colombotoday

ඉන්දියාවේ සිට එන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

colombotoday