Business

ඩොලරය නැවතත් රු 177 පසුකරයි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව (13) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4082 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.3061 ක් ලෙසින් සටහන් විය.

ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමාව අභිබවා ගිය දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පළමු වරට පසුගිය නොවැම්බර් 01 දා ඩොලරයේ විකුණුම් මිල රු. 177 සීමාව ඉක්මවා ගියේය. එදින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4281ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් ලෙසින් සටහන් විය.

මේ වන විට 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම 15% ක මට්ටමට ආසන්න වී තිබේ.

Related posts

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

මයික්‍රෝ පැන්ඩා ඔටෝමැටික්‌ දැන් වෙළෙඳපොළේ…

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිට

colombotoday

ඩොලරය රු. 163ට නගී

colombotoday

ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!

Admin