Colombo Today Local News

ඩ්‍රැකියුලා හාමතේ තබමු… 7 වෙනකන් අල්ලන් ඉමු !!

මීට හරියටම දස වසරකට පෙර එනම් 2008 නොවැම්බර් 15 වන දින පළමුවන සහ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තු ද විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ද ප්‍රමුඛ පළමු කාර්ය සාධක බලකාය පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් දියත් කොට එම ප්‍රදේශය අත්පත් කර ගන්නා ලදි. උතුර මුදා ගැනීමේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ පුනරින් මුදා ගැනීමයි.

කොටි පරාජය වන බවට කොළඹ පිහිටි බටහිර තානාපති කාර්යාල සිය මව් රටවලට පණිවිඩ යවන්න පටන්ගත්තේ පුනරින් පරාජයන් පසු ය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට බටහිර බලපෑම් තීව්‍ර වූයේ මේ සමගය. එදා මහින්ද ජනාධිපතිතුමා සියලු බටහිර තර්ජන, ගර්ජන, බලපෑම් ජයගෙන මව් බිමේ ඒකීයත්වය, ජාතියේ පැවැත්ම තහවුරු කළේය. අද දස වසරකට පසු ද සිය ජවය, එඩිය, තේජස මදකින් හෝ නොවෙනස් බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සනාථ කළේය.

අරම වුනානම් හොඳයි; මෙහෙම වුනානම් හොඳයි; අරක නොකරනම් හොඳයි; මේක නොකරනම් හොඳයි යනුවෙන් ඇතැම්හු පවසති. දැන් ඇත්තේ එළිපිට සටනකි; ජාතික සහ විජාතික බලවේග අතර මුහුණට මුහුණ සටනකි. මරණ පරීක්ෂණ පැවැත්වීම පසෙකලා සියලු දෙනා එකාවන්ව සටන් කළ යුතු තීරණාත්මක නිමේෂයකි. 2008 නොවැම්බර් 15 අප සමග සිටි අයගෙන් හෙළ උරුමයේ කිහිපදෙනකු හැර සියල්ලෝ අද 2018 යලි එක්ව සිටිති. ඊයේ සවස යම් දෙගිඩියාවක සිටි මහින්ද රාජපක්ෂ මහතා කතානායකවරයා බටහිර තානාපතිවරු පිනවීමට දිගින් දිගටම කරන ලැජ්ජා නැති ක්‍රියාවලියෙන් ලද උත්තේජනයෙන් ප්‍රාණවත්ව ඇත.

දැන් අවශ්‍ය අපේ සහායයි. දෙසැම්බර් 7 දක්වා සටන ඉදිරියට ගෙනයෑමට අපේ ආශීර්වාදය, රැකවරණය නොඅඩුව දිය යුතුය; පාර්ලිමේන්තු මැතිවරණයක අවශ්‍යතාව වෙනුවෙන් අධිෂ්ඨාන පූජා තැබිය යුතුය; අධ්‍යාත්මික ශක්තිය මුසු කළ යුතුය; සියළු සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ පිහිට පැතිය යුතුය. පෝස්ටර් ගැසිය යුතුය; උද්ඝෝෂණ කල යුතුය; මුහුණු පොතේ, සමාජ ජාලාවල අරගල කළ යුතුය; කතානායකවරයාගේ අවිනීත, අසමජ්ජාති ක්‍රියා කලාපයට එරෙහිව හැකි සෑම ලෙසම විරෝධය දැක්විය යුතුය. කෙසේ නමුත් මේ සියල්ල කළ යුත්තේ සතුරාට ගැටුමකට ඇති ඉඩ කඩ අහුරමින්ය. ඩ්‍රැකියුලා ලේ නැතිව වෙලීමම අපේ ජයග්‍රහණයකි.

පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව UNP+TNA+JVP ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන මෙන් අපි ඉල්ලා සිටිමු. දෙසැම්බර් 7 එක්කෝ තීරණය ලබා දීම කල් යා හැක. තීරණයක් ලබා දුන්නොත් එය දෙයාකාරය. පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථානුකුලයැයි කියැවුනහොත් ප්‍රතිඵලය මහමැතිවරණයකි. පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථානුකුල නොවේයැයි යැයි කියැවුනහොත් එතැන් සිට කරන දේ ගැන සැලසුම් කිහිපයක් ඇත.ඒ ගැන දැන්ම කතා කිරීම අවශ්‍ය නැත. අවශ්‍ය දේ 7 වෙනකන් අල්ලාගෙන ඉදීමයි. එයම විජාතික බලවේගවල පරාජයකි.

යම් හෙයකින් අද හෙට නව අගමැතිවරයෙක් පත්කර 7 වැනිදා තීන්දුවෙන් පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථානුකුලයැයි කියැවුනහොත් නව අගමැතිවරයා පත්ව ඇත්තේ විසුරුවා හැරි පාර්ලිමේන්තුවයකය. එවිට මැතිවරණයට යන්නේ මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට යලි අවස්ථාව ලබා දීද නැතිනම් විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ පත් වූ නව අගමැතිවරයා සමගද? මේ තැනට රට ඇද වැටීම නතර කළ හැක්කේ 7 වැනිදා දක්වා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ක්‍රියා කිරීමෙන්ම පමණි.

ඩ්‍රැකියුලා හාමතේ තබමු; 7 වෙනකන් අල්ලන් ඉමු!!

– FB චන්න ජයසුමන

Related posts

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

“එළුග තමිල්“ හෙට.. වළක්වන්න ආවොත් භයානක තත්වයක් – TNA පාර්ලිමේන්තුවේදී තර්ජණය කරයි

colombotoday

ජනධිපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් වාසි ගොඩක්

Admin

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

TNA මංත්‍රී වියලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට – ගුරුකන්ද නාහිමි ආදාහනයට විරුද්ධවූ බවට අසත්‍ය චෝදනාවක්

colombotoday

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday