Colombo Today Local News

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

දින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලසේ ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි.

මේ වන විට දින හතරක ටෙස්ට් තරග පැවැත්වීම පිළිබඳවය අවධානය යොමුව ඇති අතර ඉන්දියාවේ අනිල් කුම්බ්ලේගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් කමිටුව නැවත වරක් එළැඹෙන මාර්තු 27-31 කාලයේදී ඩුබායි හි රැස්වී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මහේල පවසන්නේ මේ වන විට පවතින ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට තමා පෞද්ගලිකව විරුද්ධ බවයි.

“අපි එය රැස්වීමේදී සාකච්ඡා කරනවා. ඉන් පසුව කුමක් සිදුවේදැයි මම දන්නේ නෑ.  නමුත් මගේ පෞද්ගලික මතය නම් එය දින පහක් පැවතිය යුතුයි යන්නයි. මට කිසිදු වෙනසක් අවශ්‍ය නෑ” යැයි ඔහු පවසයි.

Related posts

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන 07ක් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

colombotoday