Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචනයක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම අධිකරණය අසලදී තමාට බැන තර්ජනය කාලායැයි සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් හෝමාගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුවූ නඩු විභාගයකින් අනතුරුව පසුගිය වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි.

එම තීන්දුවට එරෙහිව ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර සිටි අතර, උන්වහන්සේට ලබා දුන් සිරදඬුවම අත්හිටුවීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කල අතර එම තීන්දුවට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කරමින් ඥානසාර හිමිට සිරදඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

එම නඩුව අද (21) කැඳවූ අතර සන්ධ්‍යා එක්නැළිගොඩ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ පුලස්ති හේවාමාන්න කරුණු දක්වමින් මෙම නඩුවට අදාලව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලැබී ඇද්දැයි සොයාබැලීම සඳහා කාලය අවශ්‍ය බව පවසා ඇත. ඒ අනුව 2020 මැයි 05 වනදා මෙම නඩුව යලි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය ආරියදාස, නීතිඥ සංජය මාරඹේ යන මහත්වරු නීතිඥ නිලුකා දිසානායක මහත්මියගේ උපදෙස් මත පෙනී සිටින ලදි.

Related posts

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800 ක් ගුරු සේවයට..

Admin

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

UPDATE:කොස්ගම පිපිරීමෙන් 47ක් රෝහල්වලට – ආයුධ ප්‍රදේශය පුරා විසිරි ඇත

colombotoday

ආණ්ඩුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග අදින්න ලංගම බස් – මැකො. ට පැමිණිලි

colombotoday