Colombo Today Local News

ඥානසාර හිමිගේ සිර දඬුවම අත්හිටුවීමට හෝමාගම මහාධිකරණයෙන් නියෝග

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියව සාපරාධී බියගැන්වීමේ චෝදනාවට අදාළව ඥානසාර හිමියන්ට පනවා තිබූ බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවම වසර 5කට අත්හිටුවීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා විසින් අද(08) නියෝග කළේය.

පසුගිය ජනවාරී මස 30 වන දින ඥානසාර හිමිගේ සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව අද දවසේ ලබා දෙන බවට හෝමාගම අධිකරණය නියෝග කර සිටියේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව 2016 වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ එම නඩුවේ පැමිණිලිකාරියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේදී බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුනි 14 වැනිදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවම් නියම කෙරුණි.

ඉන් දින 8 කට පසු උන්වහන්සේ එම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා උන්වහන්සේව ඇප මත මුදාහැරුනු අතර අද එම නඩුවේ තීන්දුව මාස 6 ක සිරදඬුවම වසර 5කට අත්හිටුවීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා විසින් නියෝග කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදුනැයි සය මාසයක සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ එම දඬුවම වසර 05ක අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද(08) නියෝග කෙළේය.

අතුරුදන්‍ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී බැන වැදුනැයි කියන සිද්ධියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් සය මසක සිර දඬුවමක් නියම වී තිබිණි.

ඊට එරෙහිව ඇපෑලක් යොමු කරනු ලැබූ නිසා ඒ හිමියෝ එම සිද්ධියට ඇප මත සිටියහ.

අද එම නඩුව කැඳවූ මහාධිකරණය ඥානසාර හිමියන්ගේ සය මාසයක සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.

කෙසේ නමුත් අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් ඒ හිමියෝ තවදුරටත් සිරදඬුවම් විඳිති.

Related posts

පොහොට්ටුවෙන් ආවොත් ගෝඨාභයට සහයෝගය දෙන්නේ නෑ – ශ්‍රිනිප ස්ථාවරය ජනපති කියයි

colombotoday

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

colombotoday

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday