Colombo Today Local News

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ සහයට එන්.ජී.ඕ කප්පිත්තෝ පෙරට එති.

New-Picture-1එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා රජයට සහය දීමට මෙරට ක්‍රියාත්මකවන ප්‍රමුඛපෙළේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ. කොළඹ හෝටලයක දී 29 බ්‍රහස්පතින්දා පැවැත් වූ මෙම සාකච්ඡාව සදහා විදේශ අමාත්‍ය මංගල සමරවීර ද එක් වී සිටි බවයි එහි කැදවුම්කාර මණ්ඩල සාමාජික බ්‍රි ටෝ ප්‍රනාන්දු පවසන්නේ.

විදේශ අමාත්‍යවරයා බලාපොරොත්තු තැබිය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති නමුත් සෑම ආණ්ඩුවක්ම ඉදිරිපත් කරන යෝජනා එලෙසම ක්‍රියාත්මක නොකරන බවට ඔහු අවිශ්වාසය පළ කරන අතර සත්‍ය සෙවීමටත්, යුක්තිය ඉටු කිරීමට හා හානි පූරණයටත් නැවත සිදු නොවීමටත් කටයුතු කරන බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙහිදී පොරොන්දු වූ බව බ්‍රි ටෝ ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ආණ්ඩුව දැනට ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඉදිරියට ගෙන යෑම සදහා සිවිල් සංවිධාන ලෙස මැදිහත් වීමට එකගතාවයකට පැමිණි බවද ඔහු සදහන් කරයි.

ජිනිවා යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් පැවති මෙම සාකච්ඡාවට උතුර, දකුණ, සහ නැගෙනහිර පළාත් වල රජ්‍ය නොවන සිවිල් සංවිධාන නියෝජිතයන් ද සහභාගී වී තිබෙනවා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කොටගත් සඳහා වන යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවට ජිනීවා සමුලුව පැවැත්වෙද්දීම වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන වල සහාය ඉල්ලා සිටි අතර යෝජනාවට මුහුණදීමට රජයට සහාය වන මෙන් ජනාධිපතිවරයා රටේ ප්‍රධාන විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයකින් ඉල්ලා සිටියේ පසුගිය සතියේය.

ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිදු සහායක් නොදෙන ලෙසත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට, සෛවරීභාවයට දැඩි හානි පැමිණවෙන බවයි.

Related posts

මැයි දිනයේ අධිවේගයේ ගමන් නොමිළේ

colombotoday

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී නැවතත් ඇරගනී.. මගඩි වැඩ කිහිපයක් දෙදෙනාගේම කටින් පනී

colombotoday

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin

ආහාර මිලත් පහළට

Admin

රනිල් අයි.එම්.එෆ් සමඟ යද්දි එයට විරුද්ධ වුනේ ඔහුට ජනවරමක් නොමැති නිසා

Admin