Colombo Today Local News

ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයි

pa1300ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සියලුම දේශපාලන පක්‍ෂ, විසඳුම් සහිත යෝජනා ඉදිරිපත් කරන ලෙස ඊයේ (22 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගිවූ පක්‍ෂ නායකයන්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම පක්‍ෂ නායක සමුළුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ 21 කට ආරාධනා කර තිබූ අතර භික්‍ෂුන් වහන්සේලා සිව් නමක්‌ද කාන්තාවන් දෙදෙනකු ඇතුළුව දේශපාලන පක්‍ෂ නායකයින් ලෙස 87 දෙනෙක්‌ පමණ සමුළුවට  සහභාගි වී සිටියහ. මෙහිදී අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේ කීවේය.

“ජිනීවා යෝජනාවට අනුව ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් යුද සමයේ කටයුතු කළ ආකාරය විමර්ශනය කළ යුතුව තිබෙනවා. මේ ගැන මාධ්‍යය මගින් විවිධ විවේචන ඉදිරිපත් කර තිබෙනවා. විවේචන, විග්‍රහ කිරීම් පහසු වුවත් විසඳුම් සොයා ගැනීම අසීරුයි. මේ පක්‍ෂ නායක සමුළුවෙන් අපි බලාපොරොත්තු වන්නේ මෙම යෝජනා සම්බන්ධයෙන් අපි රටක්‌ විදිහට ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව විසඳුම් සොයා ගැනීමයි. ඒ සඳහා වාචිකවත්, ලිඛිතවත් විසඳුම් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරි සති දෙක ඇතුළත ලිත විසඳුම් යෝජනා ලබාදෙන ලෙසද ජනාධිපති ලේකම් කාර්යාලය මෙම පක්‍ෂ නායක සමුළුවේ ලේකම් කාර්යාලයක්‌ ලෙස කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීවේය.

මෙම සමුළුවට විමල් වීරවංශ මහතා සහභාගි නොවීමද කැපී පෙනුණි. සභාවේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව ශාලාවෙන් පිටතට ගොස්‌ මෙම සාකච්ඡාවට සහාය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මාධ්‍යවේදීන් පස්‌වරු 5.40 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණියහ.

Related posts

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

colombotoday

ISIS තර්ජණ ඇතිබව කියමින් කොළඹ සෞදි තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සෞදි පොලීසිය ගෙන්වයි

colombotoday

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක.

Admin

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

colombotoday

ආණමඩුවේ එන්නත් මද්‍යස්ථානයක එකම කාල ගොට්ටියක්

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් බන්ධනාගාර ගත කෙරේ

colombotoday