ශ්රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) අනුරාධපුර ශුද්ධ භූමියේ දී වැඩ ආරම්භ කිරීමට නියමිතය.
වාර්තා වන ආකාරයට හෙට පෙරවරුවේ ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අභියස දී දිවුරුම් දෙන අභිනව ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී නිල වශයෙන් වැඩ භාරගැනීමට නියමිතය.
ජාතියේ මුදුන්මල්කඩ ඉදිරියේ දිවුරුම් දෙන ප්රථම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වීමට නියමිතය.