Colombo Today Local News

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ !

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා  රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව තමා වෙත පැවරි ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිෂන් සභාව ස්ථාපනය කර තිබේ.

මේ සමග 2019 මාර්තු 18 දින සහ වරින් වර සිදුකරන ලද සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වෙයි.

නව කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රී නිකුත් කෙරේ.

රාජ්‍ය  හා පෞද්ගලික දෙඅංශයේ වැටුප් හා වේතනවල තිරසාරභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම අංශ වල වැටුප්, වේතන ඇතුළු සියලු පාරිශ්‍රමික ව්‍යුහයන් සමාලෝචනය කරමින් සමස්ත රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම අරමුණයි.

උපාලි විජේවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත්  කොමිෂම සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

චන්ද්‍රානි සේනාරත්න, ගෝඨාභය ජයරත්න, සුජාතා කුරේ, මධුරා වේහැල්ල, එම්.එස්.ඩී. රනසිරි, වෛද්‍ය ආනන්ද හපුගොඩ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න, අජිත් නයනකාන්ත, රවී ලියන්ගේ, සනත් එදිරිවීර, මහාචාර්ය රංජිත් සේනාරත්න, ඉංජිනේරු ආර්.එම්. අමරසේකර සහ විශ්‍රමික මේජර් ජෙනරාල් සිරි රණවීර, ඩබ්ලිව්.එච්. පියදාස යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

ජනාධිපතිවරයාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම ”  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් උදෙසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිත්වය ඉහළ නැංවීම සඳහා සේවා අවශ්‍යතාවය අනුව හැඩ ගැසුනු මානව සම්පත් යොදාගැනීමේ දිගු කාලීන සැලැස්මක් සකස් කිරීම සිදු කෙරේ.

රජයේ සංවර්ධන ඉලක්ක හා අභිලාෂයන් ළඟා කර ගැනීමේ ක්‍රියාවලියේදී පෞද්ගලික අංශය ද එකී ක්‍රියාවලියට දායක වීම පිළිබඳව ද සැලකිලිමත් වෙමින්, රාජ්‍ය සේවාවන් කාර්යක්ෂම ලෙස සැලසීමේත්, සංවර්ධන ක්‍රියාදාමය පහසුකරලීමේත්, අවශ්‍ය අවස්ථාවන්හි දී නියාමනය කිරීමේත් කාර්යභාරය ඵලදායී ලෙස ඉටු කළ හැකි නිපුණතාවන්ගෙන් හෙබි සේවක පිරිස් රාජ්‍ය සේවයට බඳවාගැනීම රජයේ ප්‍රතිපත්තියයි. 

ඵලදායී රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමට හැකිවන්නා වූ වැටුප් හා වේතන සහ විවිධ දිරිකාරක ද ඇතුළත් යෝජනාවලියක් හඳුන්වාදීමට රජය අපේක්ෂා කරයි.

Related posts

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

colombotoday

ජාතික කණ්ඩායමේ වමත් පිතිකරුවෙක් තරුණියකට හදි කරන්න හැදු සිද්ධියේ සී.සී.ටී.වී මැකිලා

colombotoday

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

colombotoday

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

Admin

විදුලිය බිඳ වැටීමේ කමිටු වාර්තාව අද අමාත්‍යවරයා වෙතට

colombotoday

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

colombotoday