Colombo Today Local News

ජාතික රෝහලේ ලක්ෂ 79ක මුදල් මංකොල්ලකා ඇත්තේ වෛද්‍යවරයෙක්

කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකා තිබුණේ වෛද්‍යවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

අද (09)දින පස්වරුවේ මරදාන පොලිස් ස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව හෙළි කළේය.

අද දහවල් සැකකරු විසින් පිස්තෝලයක් පෙන්වා අදාළ මුදල් පැහැර ගෙන ත්‍රීරෝද රථයකින් පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

මෙම සැකකරුට අවුරුදු 33ක් වන බවත් ඔහු හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වුවත් තාවකාලිකව කොළඹ කොටා රෝඩ් ප්‍රදේශයේ සිටින බවත් පොලීසිය පවසයි.

එමෙන් සැකකාර වෛද්‍යවරයා වෙනත් රෝහලකට අනුයුක්තව සේවය කරමින් විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධියට යම් කිසි පුහුණුවකට කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව අනාවරණය වීඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

එමෙන් මෙම මුදල් මංකොල්ලය සඳහා තවත් පුද්ගලයින් සම්බන්ධ දැයි සොයා බැලීම සඳහාත් මෙයට පෙළඹීමට හේතුන් මොනවාද යන්නත් විමර්ශන කරන බව ඒ මහතා පැවසීය.

Related posts

ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලා

Admin

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

“ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ‍අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා”

colombotoday

සෞඛ්‍ය වෘත්තිය ‍වේදින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් එකම වේදිකාවකට

Admin

මහින්ද අපට සහය නොදුන්නොත් බලාගමු ! – මුතුහෙට්ටිගම

colombotoday