World

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

ජර්මනියෙන් අඛණ්ඩව තුන්වන දිනටත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (07)දින එරට ආසාදිතයින් 1122 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු ඊයේ දිනයේ මියයාමත් සමග ජර්මනියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9195 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දෛනිකව වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ශක්තිමත් කළ යුතු බව එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

එමෙන්ම වෙනත් රටවල සිට ජර්මනිය වෙත පැමිණෙන පුද්ගලයින් අනිවාර්යෙන්ම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද පියවර ගෙන තිබේ.

Related posts

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

colombotoday

ලෝකයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 664,192 දක්වා ඉහලට. පුද්ගලයින් 30,888 ක් මරණයට පත් වේ.

colombotoday

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

colombotoday

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !

colombotoday