Colombo Today Local News

ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රථම ප්‍රකාශය

ආගමක් ජාතියක් නොසළකමින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරන බවත් තමාව ජනපති ලෙස තෝරා පත්කර ගැනිමට කටයුතු කළ ජනතාවට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාවේදී ප්‍රකාශයක් කරමින් ඔහු ප්‍රකාශ කළේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු සියල්ලම තම ධුර කාලයේදී ඉටු කිරීමට කටයුතු කරන බවයි.

“මම ස්තූතිවන්ත වෙනවා මාව ජනපතිවරයා වශයෙන් පත්කර ගැනීම ගැන. මා වෙත තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉටු කරනවා. මැතිවරණ කොමිෂන් සභාවට ස්තූතිය ප්‍රකාශ කරනවා. සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම ගැන.

මා ජනතාවට ඉදිරිපත් කළ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සියලු කරුණු මගේ ධුර කාලය තුළදී ක්‍රියාත්මක කරනවා. අපේ සභාපතිතුමා මතක් කර දුන් මැතිවරණ නියමිත කාලයේදී පැවැත්වීමට මාගේ සම්පූර්ණ සහාය දෙනවා.

සාමාකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා තිබුණ මැතිවරණ සංස්කෘතිය වෙනස් කර ගැනිමට හැකිවීම ගැන සංතෝෂවෙනවා.

මම කිසිවෙකු විවේචනය නොකළ අතර පෝස්ටර් හා ප්ලාස්ටික්වලින් තොරව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන ලෙස මට සහාය දුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.

මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා.”

Related posts

යුක්තිය මෙහෙයුමේදී තවත් 863ක් අත්අඩංගුවට

Admin

දේශීය ඇඳුමක් ඇඳ සිකුරාදා ට සේවයට එන්නැයි රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක්

colombotoday

“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” – සම්බන්ධන් ඇමරිකාවට කියයි

colombotoday

එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල ‘නව ව්‍යවස්ථා මණ්ඩල ස්ථාපන යෝජනාව’ මෙන්න

colombotoday

“ඇමති හැරිසන් මහා සහල් ජාවාරමක“ ජනපති සොයුරු ඩඩ්ලි මාධ්‍ය හමුවේ හෙළිකරයි (Video)

colombotoday