Colombo Today Local News

ජනාධිපති, අගමැති ඇතුළු රජය දුරදිග බලා කටයුතු සැලසුම් කළා. විපක්ෂයේ අරමුණ රට විනාශ කිරීමයි. – ජී. එල්. පීරිස්

ජනාධිපති හා අගමැති ඇතුළු රජය දුරදිග බලා කටයුතු සාර්ථකව සැලසුම් කළද, විපක්ෂයේ අරමුණ පියවරෙන් පියවර රට විනාශ කිරීම බව මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.

පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේ ද පැවසීය.

‘‘ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන විසි එකකට ආසන්නයි. මරණ වාර්තා වී තිබෙන්නේ නවයයි. මෙම වසංගතය සාර්ථකව කළමනාකරණය කිරීමට රජයේ සියලු ආයතන, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනා ඉතා වගකීමෙන් කටයුතු කළා.

මෙම කොරෝනා වසංගතය අද හෙට තුරන්වන තත්ත්වයක් නෑ. ඒ නිසා වසංගතය සමග ජන ජීවිතය ගෙන යාමට සැම දෙනෙක්ම හුරුවිය යුතුයි.

ජාත්‍යන්තර වෙළෙඳාම යළි පණ ගැන්වීම කාලීන අවශ්‍යතාවක් වුවද, එය එකපාරටම කළ හැක්කක් නෙවෙයි. අද වන විට මැතිවරණ සම්බන්ධයෙන් පෙත්සම් පහක් ඉදිරිපත් වී තිබෙනවා. එය මේ අවස්ථාවේ උචිත දෙයක් නොවෙයි. ප්‍රමුඛත්වය මැතිවරණ පැවැත්වීම නෙවෙයි, ප්‍රධාන අභිලාෂය කෝවිඩ් 19 සම්පූර්ණයෙන් තුරන් කිරීමයි.

කිසිදු හේතුවක් නිසා විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් සඳහා බලාපොරොත්තුවක් හෝ අවශ්‍යතාවක් නෑ. අර්බුදය හමුවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් මේ රටේ ඉරණම තම සියතට ගන්නයි ඔවුන් උත්සාහ කරන්නේ.

මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අදාළ අංශයන්ගේ උපදෙස් මත කටයුතු කළ යුතුයි’’

Related posts

මගේ ආණ්ඩුවක් යටතේ ශිෂ්‍යත්වයෙන් අසාධරණයට පත් දරුවන්ට යුක්තිය ඉටු කරනවා

Admin

මිහින්තලේ ප්‍රා. සභාවේ විපක්ෂනායක නිසාර්ට සජබ ඉන්දිකගෙන් කනේ පහරක්.

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට අත්හිටුවා පුරාවිද්‍යා වාර්තාවත් කැඳවයි

colombotoday

යහපාලන ආණ්ඩුව කල හොද වැඩේ නිසා කොරෝනාවෙන් රට බේරගත්තේ ජනපති නොවේ මැතිවරණ කොමිසමයි

colombotoday