Colombo Today Local News

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අද වනවිට අධිකරණය ස්වාධීන වී තිබෙනවා. ඒ වගේම එය බලවත් වී තිබෙනවා. එහි යම් දේවල්වල දුර්වලකම් තිබෙන නිසා, ඒ තුළින් රිංගා යෑමට අවස්ථාව පවතින බැවින්, වහා ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගත යුතු යැයි නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න රුවන්වැල්ලේ – මාගම්මනදී පැවැසීය.

ඒ මහතා මෙසේද පැවැසීය.

19 ගෙනෙන විට යම් බලපෑම් ඇතිවුණා. එය කෙටුම්පත් කරන විටද යම් බලපෑම් ඇතිවුණා. අගමැති උපදෙස් මත ඇමැති මණ්ඩලය පත්කිරීම ඒ හරහා ලැබූ විශාල ජයග්‍රහණයක්. විෂයයන් මාරු කිරිමේ බලය ජනාධිපති සතුයි. පසුගිය කාලේ පිහිටුවූ ස්වාධීන කොමිෂන් සභා නිසා බලපෑමක් නැතිව නඩු තීන්දුද ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ හැකියාව ඒ තුළින් ලැබුණා. එය ජනතාව ලැබූ ජයක් ලෙස මා දකිනවා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව මැදිහත් වීම වැදගත්. මේ සිද්ධි දාමය තුළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් කැක්කුමක් ඇති වුණා. ස්වීඩනය, ජර්මනිය වැනි රටවල සමාජ සාධාරණත්වයද දකින්නට තිබෙනවා. ශ්‍රී ලංකාවද එම වැඩපිළිවෙළට අනුගතවී ඇතිවීම සතුටක්.

Related posts

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා, ඇමතිවරයෙක් දැඩි තීන්දුවක…

colombotoday

මිළ කල නොහැකි ශ්‍රී ලංකාවේ පුරා වස්තු තොගයක් ඇමරිකාව හොරෙන් උස්සලා !

colombotoday

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

colombotoday

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ 43ක් ගෙන්වයි

Admin

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday

ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදී යෝජනා කෙරුණු ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම ළඟදීම

colombotoday