Colombo Today Local News

ජනාධිපතිවරණය දිනන හැටි ගැන චම්පිකගෙන් ගණිතමය විග්‍රහයක්

2019 ජනාධිපතිවරණයේදී ලක්ෂ 158 ක ප්‍රමාණයක් ජන්දය භාවිතා කරන බැවින් ජයග්‍රහණය කරන අපේක්ෂකයා ලක්ෂ 65-70 අතර ප්‍රමාණයක් ජන්ද ලබාගත යුතු බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා.

2014 වර්ෂයේ ඌව පළාත් සභා මැතිවරණය අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් ඇතුලු කණ්ඩායමක් අරලිය ගහ මන්දිරයට කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල ගණනයන් වැරදි බවත් පුලුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් සදහා යොමු නොවන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වන බවත් අහිදී තමන් විසින් අවධාරණය කල බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලබාගත් ජන්ද ලක්ෂ 49 ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සදහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් එම පක්ෂයේ අපේක්ෂකයාට පහසු ජයක් හිමි නොවන බවයි අමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් නව පරපුරේ තරුණ කොටස් ඉලක්ක කරගනිමින් සිදුකරන දේශපාලන වැඩසටහනක් හරහා ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය ලබාගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අමාත්‍යවරයාගේ අදහස් සහිත වීඩියෝව පහතින් දැක්වේ.

https://www.facebook.com/PataliChampika/videos/2118570421566197/

Related posts

මහැදුරු සෝමදේවයන්ගේ කැණීම් සටහන් පරික්ෂා කිරීමට තරම් සමතෙක් පුරාවිද්‍යාවේ නැතිලු..

colombotoday

ෆවුසිටත් ඇමති ධූරයක්

colombotoday

හන්තාන බෞද්ධ මධ්‍යස්ථාන කඩා දැමූවන් කෝ? මහනාහිමිවරු පොලිසියෙන් විමසති

colombotoday

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

colombotoday

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් ලංකාවට

Admin

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

colombotoday