එළඹෙන ජනාධිපතිවරණයට පෙර ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා ඊයේ මේ බව කියා සිටියේ ය.
මෙම ගිවිසුම යටතේ ආර්ථික කොරිඩෝවක් සදහා රජයේ ඉඩම් හෙක්ටයාර ලක්ෂ දොළහක් ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගමට ලබා දීමට යෝජිතය.
මේ සඳහා ආධාර අත්තිකාරමක් ලෙස ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට නියමිත අතර, ඒ අනුව අක්කරයකට ලැබෙන අත්තිකාරම රුපියල් 29137.37 කි. පර්චාසයකට ලැබෙන අත්තිකාරම රුපියල් 180.10 කි.