Colombo Today Local News

ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප – එජාප ඇමති සාකච්ඡාවක්

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් විය යුතු බවට යහපාලන රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙපිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

පවතින දේශපාලන වාතාවරණය යටතේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට වැඩිම සුදුසුකම් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාටම බව දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවකදී කතාබහ වී ඇත. ඇමති මහින්ද අමරවීර, නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, ඇමති මංගල සමරවීර, ඇමති මලික් සමරවික්‍රම යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සුළු ජාතික ඡන්ද ලබාගැනීම සඳහා එකම සුදුස්සා මෛත්‍රීපාල සිරිසේන මහතා බව දෙපාර්ශ්වයේම අදහස වී තිබූ බවද සඳහන් වේ. මීට අමතරව එක් පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමේ අසීරුතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, දෙමළ හා මුස්ලිම් ජනතාව වැඩි කැමැත්තෙන් සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවද අනාවරණය කර ඇත.

දයාසිලි ලියනගේ (ඉරිදා ලංකාදීප)

Related posts

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

colombotoday

ඩඩ්ලි සිරිසේන රටින් පිටවෙයි

Admin

ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට

Admin

නව සීමානිර්ණ වාර්තාව අගමැතිට භාරදෙයි

Admin

කරාටේ ශූර නයිට් ක්ලබ් හිමි කරු කපා කොටා මරා දමයි.

colombotoday

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

Admin