Colombo Today Local News

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

ජනාධිපතිවරයා මොරගහකන්ද ව්‍යාපෘතිය සිව් වතාවක් විවෘත කිරීම ගැන විගණන විමර්ශනයක් පවත්වන්නැයි විගණකාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

රත්නායක මහතා මේ බව පැවැසුවේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

බිමල් රත්නායක මහතා මෙසේද කීය.

‘‘ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උත්සව වලට ලොකු මුදලක් නාස්ති වෙනවා.රාජ්‍ය උත්සව වලට කරන අනවශ්‍ය වියදම් ගැන විගණකාධිපතිවරයා රටට ප්‍රකාශයක් කළ යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තුව රැස්කරන්න දිනකට වැය කරන මුදල ගැනත් ඔහු ප්‍රකාශයක් කළ යුතුයි. ඒ ගැන තිබෙන සංඛ්‍යා ලේඛන පරස්පරයි.

මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්න කලින් ඒ ව්‍යාපෘති ගැන විගණනයක් කළ යුතුයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් දූෂිත නිලධාරීන් ඉන්නවා.වයඹ පළාතේ දුෂණයක් ගැන මා පැමිණිල්ලක් කළා. ඒ පළාතේ විගණන ප්‍රධානීන් කිහිපදෙනෙකු කළේ දූෂිතයින් සෙවීම නොව පැමිණිල්ල කරපු අය පිටුපස පැන්නීමයි.‘‘

Related posts

විදෙස් NGO එකකින් ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක්. | හිමිනමට රුපියල් කෝටි 5ක් ඇතුළුව සල්ලි ලැබුන අය මෙන්න.

colombotoday

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

colombotoday

වැසි නැති දවසක්

colombotoday

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

colombotoday

වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට

colombotoday