ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි ඇඹුල්දෙනියේ පැගිරිවත්ත පටුමග අසල මේ වන විට විරෝධතාවක් පැවැත්වෙයි.
නුගේගොඩ 119 මහරගම මාර්ගය මේ හේතුවෙන් සම්පූර්ණ අවහිර වී ඇති අතර පොලිස් නිලධාරීන් පන්සියකට අධික ප්රමාණයක් ආරක්ෂාවට යොදවා තිබිණි.
පැඟිරිවත්ත මාර්ගය හරහා පොලිස් මාර්ග බාදක දමා කිසිවකුට එහි ඇතුළු වීමට ඉඩ නොදී ආරක්ෂාව තර කළ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ආරක්ෂාවට යොදවා තිබිණි.
ඒ ආසන්නයේ සිටින තවත් ජනතාවත මේ වන විට එම ස්ථානයට ලගා වෙමින් සිටින බව ද වාර්තාවේ.