Colombo Today Local News

ජනපති ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන් සිහි කැදවයි…

එක්සත් ජාතීන්ගේ 73 මහා මණ්ඩලය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරන ලද කතාව දෙමළ ජනතාවට ජාත්‍යන්තරයට දුන් පොරොන්දු කඩ කිරීමක් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සඳහන් කරයි.

2015 වසරේ දී ශ්‍රී ලංකා රජයද සම අනුග්‍රහය සහිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් අනුමත කරනු ලබන 30-1 යෝජනාව අනුව යුද අපරාධ මානව හිමිකම් ආදී කාරණා ගැන ජාත්‍යන්තර මැදිහත්වීම මත විමර්ශනය කිරීමට ලක් රජය එකඟතාවය පළ කළ බව සිහිපත් කරන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ වගවීමේ කාර්යයේදී ජාත්‍යන්තරයට දෙන ලද පොරොන්දු කඩ නොකළ යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයාට ආත්ම ශක්තිය ලැබෙන්නැයි ප්‍රාර්ථනා කරන බවත්ය.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රශ්න තමන්ටම විසඳාගන්නා බවත් එයට ජාත්‍යන්තර මැදිහත් නොවන ලෙසත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය තමන් පිළිනොගන්නා බවද ඔහු සඳහන් කර ඇත.

තවද ජනාධිපතිවරයා මේ ස්ථාවරය කඩිනමින් වෙනස් කර ගත යුතු යැයි බවත් යෝජනාව සම්මත වී වසරකට පසුව හෝ ජනාධිපතිවරයා දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කළයුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

Related posts

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනීයම ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව බලන්න අවස්ථාවක්

Admin