Colombo Today Local News

ජනපති – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බවට නැඟෙන චෝදනා සම්බන්ධ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පැවසීය.

මේ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරික්ෂණ ආරම්භ කර ඇතැයි කී ජනාධිපතිවරයා එහි වාර්තාව ලැබීමෙන් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන්නේ යැයි කීවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේ අද (14) උදේ පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අමතමිනි.

Related posts

පිට පිට දින දෙකකදී කළුතර බන්ධනාගාර⁣යට ඉගිල ආ තහනම් පාර්සල්

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday

පස්වරු 2 සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මකයි

colombotoday

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday

යාපනය රෝහලේ අධ්‍යක්ෂකට ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් තර්ජනය කළ අයට වැඩ වරදී

colombotoday