Colombo Today Local News

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

ඉදිරි ජනපතිවරණයේදී තම සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කරුණු කිහිපයක් පිළිබඳව ඔහුගේ ස්ථාවරත්වය පිළිබඳව විමසීමක් කර තිබේ. 

එම කරුණු සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි පිළිතුරක් නොලැබෙන්නේ නම් ජනපතිවරණ ව්‍යාපාරයට සහාය නොදක්වන බවත් ඔහු පවසයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවත් එසේම කෙටි කාලීනව දේශපාලනයෙන් ඉවත්වන බවත් ඔහු සජිත් ප්‍රේමදාස මහතාට යොමුකළ ලිපියේ දැක්වෙයි.

ඔහු සඳහන් කළ කරුණු වන්නේ

01 එළැඹෙන මහ මැතිවරණයේ අග්‍රමාත්‍ය අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද?

02 රවී කරුණනායක මහතාට යම් හෙයකින් නැවතත් පාර්ලිමේන්තුව පත්වුවහොත් ඔහුට කැබිනට් අමැතිධුරයක් ලබා දෙන්නේද?

03 රිෂාඩ් බද්යුදීන් මහතාට කැබිනට් අමාත්‍යධුරයක් හිමිවන්නේද?

04 රවුෆ් හකීම් මහතා තවදුරටත් ජනපතිවරණ මෙහෙයුම් වේදිකාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන්නේද? 

යන්නයි.

එසේම මැතිවරණ වේදිකාවල අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් බිම් මට්ටමේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ මෙන්ම තමාගේද කනගාටුවක් ඇති බව ඔහු සිය ලිපියෙන් පවසයි.

එසේම මේ වෙනුවෙන් කොළඹදී මාධ්‍ය හමුවක්ද පැවැති අතර එහිදීද ඔහු සිය ස්ථාවරත්වය පැහැදිලි කළේය. 

Related posts

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

ජනපති ඝාතනයට සැලසුම් කළ මුස්ලිම් ජාතිකයා රදවාගෙන ප්‍රශ්න කෙරේ !

colombotoday

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday

විපක්ෂය මෙල්ල කරගෙන රාජ්‍ය පාලනය කරන හැටි මං තායිලන්ත අගමැතිටත් කියල දුන්නා – ජනපති

colombotoday

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday